නාවික හමුදාව ගාල්ලෙන් මුහුදේ අතරමං වූ යත්‍රාවකට සහාය වෙයි

අප්‍රේල් 08, 2020

තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් ගාලු වරායට එපිටින් මුහුදේ නැංගුරම් ලා ඇති විදේශීය යාත්‍රාවකට නාවික හමුදාව විසින් ඊයේ (7) දින ආහාර සහ පානීය ජලය ලබා දෙන ලදි.

යාත්‍රාවේ සිටි විදේශීය යුවළකගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් නාවික හමුදාව මෙම ක්‍ෂණික සහාය ලබා දුන්නේය.