වැඩිම ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම් අද වාර්තා වී ඇත

අප්‍රේල් 08, 2020

• ඇඳිරි නීතිය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව පොලිසිය කඩිනමින් දැඩි නීතිමය පියවර ගනී

අද (08) උදේ 6.00 ට අවසන් වූ පැය 24 තුළ වැඩිම ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම් මත අත්අඩංගුවට ගැනීම් 1,800 ක් වාර්තා වී ඇත.

මාර්තු 20 වනදා සිට පුද්ගලයින් 18,000 කට වැඩි ප්‍රමාණයක් සහ වාහන 5,000 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

වැඩිම ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම් වාර්තා වී ඇත්තේ ගම්පහ, අනුරාධපුර, හලාවත සහ පොලොන්නරුව යන දිස්ත්‍රික්කවලිනි.

එම ප්‍රදේශවල ඇඳිරි නීතිය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව ඉදිරියේදී දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය පවසයි.

මේ අතර, ඇඳිරි නීතිය යටතේ නීතිය හා සාමය පවත්වා ගැනීම සඳහා ගෘහස්ථව රැඳී සිටි බහුතරයකගේ සහයෝගය පොලීසිය විසින් පැසසුමට ලක් කළ අතර රට තුළ COVID-19 පැතිරීම පාලනය කිරීම සඳහා එය තවදුරටත් දීර්ඝ  කර තිබේ.

ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කරමින් ඇඳිරි නීති බලපත්‍ර ලබාගැනීමට උත්සාහ කරන පුද්ගලයින්ට එරෙහිව ද දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය පවසයි.