COVID-19 රෝගීන් හට ප්‍රථිකාර කටයුතු සඳහා නාවික හමුදාව 'Medi Mate' රොබෝ යන්ත්‍රය නිපදවයි

අප්‍රේල් 09, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දුරස්ථව පාලනය කල හැකි ස්වයංක්‍රීය උපාංගයක් වන 'Medi Mate’ උපකරණය වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්‍ෂණ රෝහලට (එන්එෆ්ටීඑච්) ඊයේ (අප්‍රේල් 8) දින භාර දුන්නේය.

මෙම සංකල්පය හඳුන්වා දුන් තුෂාර වාදසිංහ වෙත සහය දක්වමින් නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් අමතර අංගයන්ගෙන් වැඩිදියුණු කර නව උපකරණය නිපදවන ලදි.

නෙවිල් ප්‍රනාන්දු ශික්‍ෂණ රෝහල වෙත හඳුන්වාදී ඇති මෙම නව උපකරණ මගින් රෝගීන් අසලට නොගොස් ඔවුන් විනිශ්චය කිරීම, රෝගීන් හට අවශ්‍ය ‍‍ඖෂධ ලබාදීම සිදුකෙරේ. වෛරසය ආසාදිත රෝගීන් මගින් වෛරසය ආසාධනය වීමට ඇති ඉඩ ප්‍රස්ථාව මෙමගින් අවම කෙරේ.