COVID-19 ට එරෙහිව සටන් කිරීම සඳහා ඔවුන්ගේ දැනුම බෙදාහදා ගැනීමට සුප්‍රසිද්ධ ශ්‍රී ලංකා විශේෂඥයින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වේ

අප්‍රේල් 10, 2020

ශ්‍රි ලංකාවේ COVID-19 වසංගතයට  එරෙහිව සටන් කිරීම සඳහා යාන්ත්‍රණයක් සොයා ගැනීමට රජය ගන්නා උත්සාහයන්ට සහාය වීම සඳහා විද්වතුන් සහ විශ්ව විද්‍යාල ශාස්ත්‍රාලකයින් ඇතුළු වෘත්තිකයින් පිරිසක් ඔවුන්ගේ ක්ෂේත්‍රයට අදාල, වෘත්තීය දැනුම හා තාක්ෂණික යෙදවුම් බෙදා ගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූහ.

රාජගිරියේ COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ  NOCPCO) පැවති රැස්වීමකදී, සිංගප්පූරුවේ විදේශ අත්දැකීම් සහිත ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රවීණයෙකු වන වෛද්‍ය  චන්ද්‍ර කුරුලුරත්න මහතා සහ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එල්.පී.එස්. රෝහිත යන විද්වතුන් එක්ව ‘වේගවත් ජංගම පරීක්ෂණ / පරීක්ෂණ පහසුකම්’ සහ ‘කොවිඩ් -19 වෛරසය මැඩලීම සඳහා වෛද්‍ය නොවන ප්‍රතිකාර ක්‍රම වැළැක්වීම’ ආදී පැතිකඩයන් පිළිබදව වෙන වෙනම කරුණු ඉදිරිපත් කරමින් සංවාදයක නියැලිණි.

කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජානක ද සිල්වා ඇතුළු රුහුණු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සරත් ලේකම්වසම්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එච්. එම්. කුලරත්න, රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සිසිර සිරිබද්දන, කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සරෝජා ජයසිංහ සහ ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කමනි වනිගසූරිය යන මහත්ම මහත්මීන් හයදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් ශ්‍රි ලංකාවේ ‘කොවිඩ් - 19 වසංගත උවදුර වලක්වා ගන්නා ආකාරය පිළිබඳ ඒකාබද්ධව ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී. එහිදි එදිනෙදා අවශ්‍යතා හා ජනතාවගේ සමාජ ව්‍යුහය හා සම්බන්ධ දැඩි ක්‍රියාමාර්ග සහ දැවෙන ගැටලු විසඳීම තුළින් පැන නගින සමාජ, ආර්ථික හා සංස්කෘතික ප්‍රතිවිපාක කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් එයට විසදුම් සෙවිමේ උපාය මාර්ගයක් කරා යාමට අවශ්‍ය  පියවර පිළිබඳ සාකච්ඡා කෙරිණි.

සංජීව වීරවර්ධන මහතා විසින් ‘ක්‍රියාකාරී සැලැස්ම / තොරතුරු තාක්ෂණ ලුහුබැඳීමේ උපායමාර්ගය’ පිළිබඳව ඉදිරිපත් කිරීමක් තුළින් පැහැදිලි කලේය.
එම අවස්ථාවට කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කාර්ය සාධක බලකායේ ප්‍රධානී හා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය , දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ යන අය සහභාගී වූහ