ගමනාගමනයේදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යයි - පොලිසිය

අප්‍රේල් 11, 2020

අද (අප්‍රේල් 11) දින සිට මාර්ගයේ ගමන් කරන සියලුම අවසරලත්  පුද්ගලයින් මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

මෙම නව තීරණය පිළිබඳව ඊයේ රාත්‍රියේදී දිවයිනේ සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින්  මෙම තීරණය තහවුරු කර ඇති අතර මාර්ගයේ ගමන් ගන්නා සැමට මුහුණු ආවරණ පළදින ලෙස ඉල්ලා සිටී.

මේ අතර, බටහිර හා දේශීය වෛද්‍ය ක්ෂේත්‍රවල සියලුම සේවකයින්ට ඔවුන්ගේ සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රය ලෙස භාවිතා කිරීමට අවසර දී ඇති බව පොලිසිය පවසයි.