අලුත් අවුරුදු සැමරුම් සදහා ඒකරාශී වීම සපුරා තහනම් - ශ්‍රී ලංකා පොලිසිය

අප්‍රේල් 12, 2020
  •    අලුත් අවුරුදු සැමරුම් සදහා ඒකරාශී නොවී නිවෙස් වලට වී අලුත් අවුරුදු සැමරීම සිදුකරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

COVID-19 පැතිරීම වැළැක්වීම පිණිස ජනතාවගේ ගමනාගමනයන් සීමා කිරීම සඳහා ඇඳිරි නීතිය පනවා ඇති බැවින් ඇඳිරි නීති කාලසීමාව තුල  අලුත් අවුරුදු සැමරුම් සිදු කිරීම තහනම් බව පොලිසිය පවසයි.

පොලිස් මූලස්ථානය විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වන්නේ අලුත් අවුරුදු දිනවල ඇඳිරි නීතිය උල්ලංඝනය කරන්නන් සෙවීම සහ ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීම සඳහා වැඩි වශයෙන් පොලිස් ජංගම මුර සංචාර යොදවනු ලබන බවයි.

“අලුත් අවුරුදු දිනවල එක්රැස්වීම්වලින් වළකින ලෙස අපි මහජනතාවගෙන් ඉල්ලා සිටීමු.” නිවේදනයේ සදහන් වේ.