අත්හිටවූ චීන තානාපති කාර්යාලයේ ට්විටර් ගිණුම ප්‍රතිස්ථාපනය කරන ලදි

අප්‍රේල් 14, 2020

ඊයේ අත්හිටවූ කොළඹ චීන තානාපති කාර්යාලයේ ට්විටර් ගිණුම අද යථා තත්ත්වයට පත් කර ඇති බව තානාපති කාර්යාලයේ ප්‍රකාශක ලූඕ චොන්ග් පවසයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ තානාපති කාර්යාලයේ නිල ට්විටර් ගිණුම ( @ChinaEmbSL ) කිසිදු නිශ්චිත හේතුවක් නොමැතිව අප්‍රේල් 13 වන දින අත්හිටුවා ඇති බවයි.

“තානාපති කාර්යාලය ඔවුන්ගේ තීරණය පැහැදිලි හා නිවැරදි කරන ඉල්ලීම් දෙවරක් කල අතර, මහජනයා අතර වරදවා වටහාගැනීම් නවතා දමන ලෙසත් ඉල්ලා සිටියේය. අප්‍රේල් 14 වනදා  , ට්විටර් සමාගම තානාපති කාර්යාලයට‘ක්‍රමවේදය තුල  වැරැද්දක්’ සිදු වු බවට නිල වශයෙන් පිළිතුරු දී ඔවුන් අපගෙන්  සමාව අයැද තානාපති කාර්යාලයේ ගිණුම නැවත යථා තත්වයට පත් කලා, ”යැයි ඔහු මාධ්‍ය නිවේදනයේ සඳහන් කළේය.

 ‘ක්‍රමවේදය තුල  වැරැද්දක්’ ඇති වීම පිළිබඳව තානාපති කාර්යාලය කණගාටු වන බවත් එමෙන්ම පදනම් විරහිත හෝ වාර්ගික හෝ වෛරි කතා පැතිර වීමට කතා කිරිමේ නිදහස  අනිසි ලෙස භාවිතා නොකර ලෙසත් හා දෙයාකාරයකට නොසලකන ලෙසත්  මෙම ප්‍රකාශයෙන් එම සදහන් වේ.