මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී සංක්‍රමණිකයින් සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් නිරික්‍ෂණ වාර පවත්වයි

අප්‍රේල් 15, 2020

ගෝලීය කොරෝනා  වසංගත තත්ත්වය උපයෝගී කරගනිමින් නීතිවිරෝධී සංක්‍රමණිකයන් ශ්‍රී ලංකාවට ඇතුළුවීමට උත්සාහ කිරීමත් සමඟ ශ්‍රී ලංකා ගුවන් හමුදාව  දිනපතා ගුවන් නිරීක්ෂණ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර මෙවැනි නීතිවිරෝධී ප්‍රවේශයන් රට තුළට ගෙන ඒම වැළැක්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට සහාය වීම මෙමගින් බලාපොරොත්තු වේ .

රත්මලාන කදවුරේ  අංක 8 සැහැල්ලු ප්‍රවාහන බලඝණය සහ චීනවරාය ගුවන් හමුදා ඇකඩමියේ අංක 3 සමුද්‍රීය  බලඝණයෙහි  Y-12 ගුවන් යානා ගුවන් හමුදාපති  එයාර් මාෂල් සුමංගල ඩයස්ගේ උපදෙස් මත සහ ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාෂල් රවී ජයසිංහගේ අධීක්‍ෂණය යටතේ ගුවන් නිරීක්ෂණයක් සඳහා යොදවා ඇත

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සමුද්‍රීය මායිම් රේඛාව උල්ලංඝනය කිරීමට උත්සාහ කරන මුහුදු යාත්‍රා නිරීක්ෂණය කිරීම සඳහා භාවිතා කරන මෙම යානා , මන්නාරමේ සිට පේදුරුතුඩුව  දක්වා ජාත්‍යන්තර සමුද්‍රීය මායිම් රේඛාව  ඔස්සේ සිය මෙහෙයුම් සිදු කරයි.

 

 

 

මීට අමතරව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව මුළු දිවයිනම ආවරණය වන පරිදි නිරන්තර නිරීක්ෂණ මෙහෙයුම් සිදු කරයි.

රට ප්‍රධාන අංශ අටකට බෙදමින් සිය නිරීක්ෂණ හා අධීක්ෂණ මෙහෙයුම් සිදුකරන  ශ්‍රී ලංකා ගුවන් හමුදාව , අංක 3 සහ 8 බලඝණය වල  Y-12 ගුවන් යානා සහ සහ අංක 7 හෙලිකොප්ටර් බලඝණයෙන් බෙල් 212 හෙලිකොප්ටර් භාවිතා කරයි.