ප්‍රථම වරට ශ්‍රී ලාංකික කාන්තාවක් එක්සත් රාජධානියේ යුද හමුදා පාසලෙහි පාඨමාලාවක් සඳහා සහභාගී වේ

ජනවාරී 20, 2019

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවයේ නියුතු කාන්තා ගුවන් නිලධාරිනියක් සහ ගුවන් කාන්තාවක් එක්සත් රාජධානියේ උතුරු යෝක්ෂයර් හි කැටරික් නගරයේ පිහිටි යුද හමුදා පාසලෙහි පුහුණු පාඨමාලාවක් සඳහා සහභාගී වී ඇත. මෙම පුහුණු පාසලෙහි පවත්වන මුලික සරඹ පාඨමාලාවක් හැදෑරීම සඳහා බලපන්ති ලුතිනන් ලක්ෂිකා අතලේ සහ කෝප්‍රල් අමරසේන DSNK යන දෙදෙනා මේ මස 04 (ජනවාරි) වන දින එක්සත් රාජධානිය බලා පිටත්ව ගියහ. ඔවුන් මෙම පාඨමාලාවට සහභාගී වන ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාවන් වේ.

මෙම පාඨමාලාවේ දී සරඹ ප්‍රගුණ කල යුතු ආකාරය සහ එය අන් අයට පුහුණු කරවන ආකාරට උගන්වනු ලබයි. මෙහිදී අප ගුවන් හමුදා සාමාජිකාවන් දෙදෙනා මෙම පාඨමාලාව සඳහා සහභාගී වන විවිධ රටවල ගුවන් හමුදා සාමාජිකාවන් සමග සිය අත්දැකීම් සහ විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීමට අපේක්ෂා කෙරේ.

කැටරික් නගරයේ පිහිටි පාබල පුහුණු මධ්‍යස්ථානයේ පිහිටි බ්‍රිතාන්‍ය යුද හමුදා පුහුණු පාසල වෙතින් සියලුම බ්‍රිතාන්‍ය පාබල හමුදා සොල්දාදුවන් පුහුණු කරනු ලබයි.