වෛරසය පිටුදැකීමේ පශ්චාත් උපායමාර්ගය පිලිබදව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී (NOCPCO) සාකච්ඡාවක්

අප්‍රේල් 18, 2020

COVID  පිටුදැකීමේ  පශ්චාත් උපායමාර්ගය පිලිබදව  සලකා බැලීමේ සාකච්ඡාවක් ඊයේ (අප්‍රේල් 17) දින COVID-19 පැතිරීම  වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී (NOCPCO) පැවැත්විණි.

දත්ත සහ අන්තර්ජාතික විශේෂඥයින්ගේ උපදෙස් ද ඇතුළුව විද්‍යාත්මක සාක්ෂින් මත පදනම්ව ක්‍රමානුකුලව සිවිල් ජන ජීවිතය  සාමාන්‍ය ආකාරයට ගෙන එමින් වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා කටයුතු කිරීම දිගටම කරගෙන යාම පිලිබදව සාකච්ඡා කෙරිණි.

අළුත් අවුරුද්දෙන් පසු COVID-19 පැතිරීම  වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ (NOCPCO) සිදුකල පළමු කමිටු රැස්වීම මෙය විය.

මෙම රැස්වීම සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි සහ ශ්‍රී ලංකා යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් මෙහෙය වූහ.

ශ්‍රී ලංකාවේ ප්‍රජා වෛද්‍ය විශේෂඥයින් විසින් මෙහිදී සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් කළ අතර, එමගින් සිදුකල යුතු වර්ථමාන ධනාත්මක සංවර්ධනයන්, සමාජය හා ආර්ථික කටයුතු සාමාන්‍ය තත්වයට පත් කිරීම සඳහා උපයෝගී කරගන්නේ කෙසේද යන්න පැහැදිලි කරනු ලැබීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් ද ඒ පිළිබඳව ඔවුන්ගේ අදහස් දැක්වූ අතර නිරෝධායන මධ්‍යස්ථාන හරහා සිදුකරන PCR පරීක්ෂණ කඩිනම් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේ එය වඩාත් ඵලදායි හා රෝග විනිශ්චය කල හැකි තාක්‍ෂණය එය වන බැවිනි.

කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට අනුව, ජනාධිපති මහලේකම් කාර්යාලයේ පැවැත්වෙන කාර්ය සාධක බලකා රැස්වීම් වලදී සාකච්ඡාවේ ප්‍රථිපල පූර්ව ක්‍රියාත්මක කිරීම සඳහා වැඩිදුර විමර්ශනය සඳහා යොමු කරනු ඇත.