කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාදිතයින් 15 දෙනෙකු හමු වේ

අප්‍රේල් 19, 2020

තවත් පුද්ගලයින් 15 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වීමත් සමඟ දිවයිනේ මුළු කොරොනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 269 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙම නව රෝගීන් 15 දෙනා  ජාඇල සහ සුදුවැල්ල ප්‍රදේශයේ කොරෝනා වෛරසය ආසාදිතයින් සමග සම්බන්ධතා පවත්වා ඇති පුද්ගලයින් 100 කට අධික සංඛ්‍යාවක් නිරෝධායනය සඳහා යොමු කල හුදෙකලා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් සොයා ගෙන ඇත.

අළුතින් වාර්තා වූ රෝගීන් 15 දෙනා කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සමඟ සමීප සම්බන්ධතා ඇති බව අනාවරණය වී ඇති බව අමාත්‍යාංශය පවසයි.