ශ්‍රී ලංකා ගුවන් හමුදාව හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ වාට්ටුවක් අලුත්වැඩියා කරයි

අප්‍රේල් 20, 2020

ශ්‍රී ලංකා ගුවන් හමුදාව, පසුගියදා රෝහල් නිලධාරීන්ගේ ඉල්ලීමකට අනුව සිදු කරන ලද රෝහල් වාට්ටුවේ අලුත්වැඩියා කටයුතු අවසන් කළේය.

පාලවිය ගුවන් හමුදා කඳවුරේ සිවිල් ඉංජිනේරු භට කණ්ඩායමක් විසින් ප්‍රතිසංස්කරණ කරන ලද වාට්ටුව COVID -19 ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගනු ඇත.

ගුවන් භටයින් 24 දෙනෙකු විසින් දින පහක් තුල අලුත්වැඩියා කටයුතු අවසන් කල බව ගුවන් හමුදාව පවසයි.