රජය පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවන් සදහා කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇත - ආරක්ෂක ලේකම්

අප්‍රේල් 21, 2020
  •  කිසිදු කණ්ඩායමකට හෝ පුද්ගලයන්ට අන්තවාදය ව්‍යාප්ත කිරීමට ඉඩක් නොමැත
  •  වින්දිතයින්ට ඔවුන්ගේ සමාජ තත්වය, දේශපාලන මැදිහත්වීම් , ජාතිය හෝ ආගම පිලිබදව නොසලකා දඩුවම් කර වින්දිතයින්ට  සාධාරණය ඉටු කරන බවට ප්‍රතිඥා වෙයි

පසුගිය වසරේ පාස්කු ඉරිදා දිනයේදී 270 කට අධික පිරිසක් ඝාතනය කළ සහ අහිංසක මිනිසුන් 500 කට වැඩි පිරිසකට තුවාල සිදු කරනු ලැබූ පාස්කු බෝම්බ ප්‍රහාරය සැලසුම් කිරීමට, මුදල් සැපයීමට සහ සහාය දුන් සියලු වැරදිකරුවන් රජය විසින් නිතිය ඉදිරියට ගෙන බව මේජර් ජෙනරාල්  (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.
 
කොළඹ ක්‍රිස්තියානි පල්ලි තුනක් සහ හෝටල් තුනක් පුපුරුවා හරින ලද දේශීය ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් විසින් සිදු කරන ලද සැලසුම් කල බෝම්බ ප්‍රහාරය සිදු වී වසරක් සපිරෙන අද දින ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු පවසා සිටියේ රට තුල කිසිදු කණ්ඩායමකට හෝ පුද්ගලයකුට අන්තවාදය පැතිරවීමට ඉඩක් නොමැති බවයි.
 
“එම බෝම්බ පිපිරීම් වලට සම්බන්ධ සියලු දෙනාගේ සමාජ තත්ත්වය, දේශපාලන සම්බන්ධතා, ජාතිය හෝ ආගම පිලිබදව නොසලකා අප ඔවුන් නිතිය ඉදිරියට ගෙන එනවා.” මේජර් ජෙනරාල්  ගුණරත්න පැවසුවේ පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් දැනට සිදුකෙරෙමින් පවතින පරීක්ෂණ ගැන සඳහන් කරමිනි.
 
ජාතික ආරක්ෂාවට ඉහළම ප්‍රමුඛතාවය ලබා දෙන බවට ප්‍රතිඥා දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වය යටතේ රටේ ජනතාව ත්‍රස්තවාදයෙන් හා අන්තවාදයෙන් ආරක්ෂා වනු ඇතැයි ඔහු පැවසීය.

මෙවැනි අවාසනාවන්ත සිදුවීම්වලින් පීඩා විඳීමට අපේ ජනතාවට අපි ඉඩ නොදෙමු. මෙවැනි ත‍්‍රස්තවාදී හෝ අන්තවාදී ක‍්‍රියාවන් මුල් අවධියේදී හඳුනා ගැනීම සඳහා අපි සියලු පූර්වාරක්‍ෂක පියවර ගෙන ඇති අතර එසේ සිදුකරන පුද්ගලයින් නීතිය ඉදිරියට ගෙන ඒමට අවශ්‍ය සියලු පියවර ගෙන තිබෙනවා” යැයි ආරක්ෂක ලේකම් පැවසීය.
 
අන්තවාදය මැඩපැවැත්වීම සඳහා මහජන සහයෝගයේ වැදගත්කම සහ බුද්ධි අංශවල දායකත්වය අවධාරණය කරමින් ඔහු පවසා සිටියේ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි රටේ සියලුම බුද්ධි අංශ කේන්ද්‍රගත කිරීම මගින් බුද්ධි අංශ ශක්තිමත් කර ඇති බවයි.
 
"වැරදිකරුවන්ට දඩුවම් කිරීම සහ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම මගින් මියගිය හා අසාධ්‍ය තත්වයේ පසුවන  ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු දරුවන් වෙනුවෙන් ජනතාවට සාධාරණය ඉටු කිරීමට රජය කටයුතු   කරනු ඇත." ඔහු පැවසීය
 
ජනාධිපති ලේකම් කාර්යාලය සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් සිදු කරන ලද සමීක්ෂණයකට අනුව , මීට වසරකට පෙර සිදු වූ පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම ප්‍රධාන වශයෙන් ජාතික ආරක්ෂාව පවත්වාගෙන යාමේ නොසැලකිල්ල නිසා බව ගුණරත්න මහතා පැවසීය.