යුද්ධ හමුදාව ඇන්ඩර්සන් සහ ලේක්වීව් මහල් නිවාස අසල තවත් සංගීත සංදර්ශන දෙකක් පවත්වයි

අප්‍රේල් 22, 2020

COVID - 19 පැතිරී යාම වැළැක්වීම සඳහා පනවා ඇති ඇදිරි නීතිය හේතුවෙන්  “නිවසේ රැඳී සිටින” පුද්ගලයින්ගේ විනෝදාස්වාදය සඳහා ශ්‍රී  ලංකා යුද්ධ හමුදා සංගීත කණ්ඩායම විසින් සංගීත සංදර්ශන දෙකක් පසුගිය ඉරිදා (අප්‍රේල් 19) දින සහ සදුදා (අප්‍රේල් 20 ) දින තිබිරිගස්යාය ඇන්ඩර්සන් මහල් නිවාසය සහ අංගොඩ ලේක්වීව් රෙසිඩන්සීස් මහල් නිවාසය  අසල පවත්වන ලදී.

නිවෙස් තුළ දීර්ඝ  කාලයක් රැදී සිටින නිවැසියන්ගේ මානසික ආතතිය නැති කිරීම සදහා යුද්ධ හමුදාව විසින් මෙම  සංදර්ශන සංවිධානය කර ඇත. හමුදා ගායන ශිල්පීන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ගීත ගායනා කළ අතර සදළුතල මත සිටි නිවැසියන්  නටමින් , අත්පුඩි ගසමින්, දෑත් ඔසවා ඔල්වරසන් දෙමින් ප්‍රීති වූහ.