පාකිස්තානයේ සිට ආපසු පැමිණි ශිෂ්‍යයන් සහ ත්‍රිවිධ හමුදා සෙබළුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යවන ලදි

අප්‍රේල් 22, 2020

ලාහෝර් සිට කොළඹට පැමිණි පාකිස්ථානයේ පුහුණු පාඨමාලා සඳහා සහභාගී ව සිටි යුද, නාවික සහ ගුවන් හමුදා සාමාජිකයින් ඇතුළු මගීන් 106 දෙනෙකු ඊයේ (අප්‍රේල් 21) දින සවස පූනානි සහ වයික්කාල ඩොල්ෆින් හෝටලයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යවා තිබේ.

පාකිස්ථානයේ උසස් අධ්‍යාපනය සඳහා ගොස් සිටි සිසුන් 24 දෙනෙකු සහ පාඨමාලා හැදෑරීම සදහා ගොස් සිටි හමුදා සාමාජිකයින් 82 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවය යූඑල් 1206 ගුවන් යානය ශ්‍රී ලංකාව පැමිණ ඇත.

පවතින තත්වය මත ගුවන් තොටුපලවල් වසා දැමීම හේතුවෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් මසකට වැඩි කාලයක් පාකිස්ථානයේ රැඳී සිටියහ.