පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වූ පුද්ගලයින් 16 දෙනෙකු සිය නිවෙස් බලා පිටත් වේ

අප්‍රේල් 23, 2020

පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේදී සති තුනක නිරෝධායනයට භාජනය වූ පුද්ගලයින් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (අප්‍රේල් 23) දින උදෑසන සිය නිවෙස් බලා පිටත්ව ගියහ.

ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යාමට පෙර නැවත වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර නිරෝධායන සහතික නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ඔවුන් වෙත වතුර බෝතල්, දිවා ආහාර පාර්සල් සහ මාතර හක්මන නගරය  දක්වා ප්‍රවාහන පහසුකම් ලබා දෙන ලදී.