සුරාබදු නිලධාරීන්ට පහරදීම සම්බන්ධ සැකකරුවන් රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරේ

අප්‍රේල් 25, 2020

රාජකාරියේ යෙදී සිටි සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනෙකු අප්‍රේල් 27 වන දින දක්වා වලපනේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්‍ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

හඟුරන්කෙත, රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ ඇඳිරි නීති කාල සීමාව තුළ සිදුකල මත්පැන් විකිණීමේ ජාවාරමක් වැටලීමකදී සුරාබදු නිලධාරීන්ට මෙම පහර දීම සිදුවී තිබේ. සැකකරුවන් සන්තකයේ තිබූ රයිෆලයක් ද වැටලීමේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.