කොරෝනා වෛරසය ආසාදිත නැවියන් 95 දක්වා ඉහළට. මුළු ආසාදිතයින් සංඛ්‍යාව 477 දක්වා ඉහළ යයි

අප්‍රේල් 26, 2020

යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ පීසීආර් පරීක්ෂණයන්ට අනුව නාවික හමුදා සාමාජිකයින් 95 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත් ඊට වැලිසර නාවික හමුදා කඳවුරේ 68 දෙනෙකු ඇතුලත් බවත්ය.

අනෙක් 27 දෙනා නිවාඩු මත සිටි අය ලෙස හඳුනාගෙන ඇති බව ඔහු පැවසීය.

නව රෝගීන් හය දෙනෙකු වාර්තා විමත් සමග කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වී ඇති දිවයිනේ මුළු COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 477 දක්වා වැඩි වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.