COVID-19 සෞඛ්‍ය ආරක්ෂණ හා සමාජ ආරක්ෂණ අරමුදල රු. මිලියන 866 ඉක්මවයි

අප්‍රේල් 29, 2020

COVID - 19 සෞඛ්‍ය ආරක්ෂණ හා සමාජ ආරක්ෂණ අරමුදල රු. මිලියන 866 ඉක්මවා ඇති අතර පරිත්‍යාග ලංකා බැංකු ශාඛාවේ ආයතනික ශාඛාවේ විශේෂ ගිණුමකට (85737373) බැර කෙරේ.

පරිත්‍යාග, බදු සහ විදේශ විනිමය රෙගුලාසි වලින් නිදහස් කර ඇති අතර චෙක්පත් / විදුලි පණිවුඩ බැර කිරීම මගින් මුදල් පරිත්‍යාග සිදු කළ හැක. විස්තර සඳහා,පරිපාලන අධ්‍යක්ෂ ජනරාල්, කේ.බී. එගොඩවෙල 011 - 2354479/011 - 2354354 හරහා සම්බන්ධ කර ගත හැක.