තවත් සිසුන් 143 දෙනෙකු අද නවදිල්ලියෙන් පැමිණීමට නියමිතය.

අප්‍රේල් 29, 2020

ඉන්දියාවේ කොටු වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 143 දෙනෙකු ගෙන්වා ගැනීම සඳහා තවත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් අද (29) නවදිල්ලියට පියාසර කර  තිබේ.

මෙම යානය අද සවස 5.00 ට පමණ  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළගා වීමට නියමිතය.