COVID-19 පොකුරු හතරක් පමණක් තවමත් ක්‍රියාත්මක වේ

මැයි 01, 2020

හඳුනාගත් COVID-19 පොකුරු 31 න් පොකුරු හතරක් පමණක් සක්‍රීයව පවතින බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ  පැවසීය.

හදුනාගත් පොකුරු හතරෙන්  - සුදුවැල්ල, බේරුවල, බණ්ඩාරනායකපුර සහ වැලිසර නාවික කඳවුර යන අතරින් තුනක්  කොරොන වෛරස් අසාදිත යයි  සැක සහිත පුද්ගලයින්ගේ අඩු වීමත්  සමඟ ක්‍රමානුකූලව අක්‍රීය වෙමින්  පවතී,

වාර්තා වූ සිද්ධීන් 649 න් 4 ක්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් බව නියෝජ්‍ය පොලිස්පති රෝහන මාධ්‍ය වෙත පැවසීය.

විශේෂයෙන්  සුදුවැල්ල ආසාදිතයින්  ඉස්මතු කරමින් ඔහු කියා සිටියේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් තමන් සිටින පොකුරු තුළ වෛරසය පැතිරෙන ප්‍රධාන වෛරස් වාහකයන් බවයි.

“ජනතාවගේ සහාය ඇතිව මෙම අවදානම අවම කළ යුතුය.” ඔහු තවදුරටත් පැවසිය.