තවත් පුද්ගලයින් 35 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කරයි

මැයි 02, 2020

ධම්මින්න නිරෝධායන මධ්‍යස්ථානයේදී දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසු ඊයේ (මැයි 01) දින පුද්ගලයින් 35 දෙනෙකු සිය නිවෙස් බලා පිටත්ව ගියහ.

ඔවුන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායනය අවසන් කර ඇති අතර, පිටත්ව යාමට පෙර වෛද්‍ය පරීක්ෂණ සාර්ථකව අවසන් කිරීමෙන් පසුව  නිරෝධායන සහතික ද ලබා දී ඇත.