දිවයින පුරා ඇඳිරි නීතිය අද රාත්‍රී 8 සිට මැයි 11 දින දක්වා

මැයි 06, 2020

අධි අවදානම් ප්‍රදේශ බවට නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය එලෙසම පවතින බවත් අනෙකුත් දිස්ත්‍රික්ක 21 හි දැනට පවතින ඇඳිරි නීතිය අද (මැයි 06) දින රාත්‍රී 8.00 සිට සඳුදා (මැයි 11) අලුයම 5.00 දක්වා  දීර්ඝ අර ඇති බවත්  ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක වල සඳුදා (මැයි 11) දින දක්වා ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය අවසන් වීමෙන් පසුව සිවිල් ජන ජීවිතය නැවත ආරම්භ කරමින්  කාර්යාල කටයුතුද ආරම්භ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

මෙම සැලැස්ම මැයි 04 දින සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණද, මේ සතිය තුල නිවාඩු දිනයන් යෙදී තිබීම  හේතුවෙන් එය මැයි 11 දක්වා දීර්ඝ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර තිබේ.