වන්නි යුද හමුදා සාමාජිකයින් අවශ්‍යතා සහිත පවුලකට නිවසක් පරිත්‍යාග කරයි

මැයි 06, 2020

එප්පාවල ප්‍රදේශයේ නිවසක් නොමැති පවුලක් සඳහා වන්නි භට පිරිස් විසින් ඉදිකරන ලද නව නිවසක් බදාදා (මැයි 06) එහි හිමිකරු වෙත භාර දෙන ලදී. 212 බලසේනාවේ බලසේනාධිපති කර්නල් අනිල් පිරිස්ගේ පෞද්ගලික සම්බන්ධතා මත ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු වන ප්‍රීති ගජනායක විසින් මෙම ඉදිකිරීම් සඳහා අවශ්‍ය අරමුදල් ලබා දී ඇත.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි විසින් එම නිවසේ හිමිකරු වන එප්පාවල ඉහල හල්මිල්ලෑව අදිරානිගම පදිංචි උපුල් වනසුරියආරච්චි වෙත එම නිවසේ යතුර භාර දුන්නේය. ගෘහ භාණ්ඩ සහ නිවසට අවශ්‍ය විදුලි උපකරණ ද එම අවස්ථාවේදී  පරිත්‍යාග කරන ලදී.

7 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ භට පිරිස් විසින් මෙම නිවස ඉදිකිරීම සිදු කරන ලදී.