නැවියන් 24 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වේ

මැයි 07, 2020

ඊයේ (මැයි 6) දින වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 29 අතුරින් 24 දෙනෙකු  ශ්‍රී ලංකා නාවික හමුදාවේ  බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ අද (මැයි 7) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

ඊයේ දින වාර්තා වූ රෝගීන් අතරින්  5 දෙනෙකු   ආසාදිත නාවික හමුදා සෙබළුන්ගේ සමීපතමයන් වන බවද  ඔහු පැවසීය.