මාලදිවයින, කුවේට්, මැදපෙරදිග, බංග්ලාදේශය යන රටවල ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව විදේශ අමාත්‍යාංශය සලකා බලයි

මැයි 08, 2020

කොරෝනා  වෛරස් වසංගතය හේතුවෙන් මාලදිවයින, කුවේට්, මැදපෙරදිග, බංග්ලාදේශය සහ වෙනත් රටවල ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ හැකියාව පිළිබඳව විදේශ සබඳතා හා විදේශ රැකියා අමාත්‍යාංශය සලකා බලමින් සිටී.    

විදේශීය ශ්‍රී ලාංකික ශ්‍රම කාණ්ඩායම්  COVID-19 වසංගතය හේතුවෙන් අවදානමට ලක්විය හැකි අංශ පිළිබඳ සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රූපවාහිණි සංස්ථාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආර්යසිංහ, රජය විසින් අලුතින් අනුමත කරන ලද කැබිනට් පත්‍රය පිළිබඳව පැහැදිලි කර තිබේ.    

විදේශ අමාත්‍යාංශයේ මතය අනුව නැවත පැමිණීමට අවසර දීමෙන් පසු ඔවුන් මෙරටට ගෙන්වා ගැනීම ආරම්භ කළ විට එය කළ යුත්තේ උපරිම අවදානමකින් යුක්තව බව ඔහු කියා සිටියේය.  

විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ඉදිරිපත් කරන ලද නව කැබිනට් පත්‍රය ඊයේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලදි.  

ප්‍රමුඛත්වය මත දකුණු ආසියානු සිසුන් නැවත මෙරටට ගෙන්වා ගැනීම අවසන් කර ඇති බවත්, වෙනත් රටවලින් සිසුන් නැවත ගෙන්වා ගැනීමට රජය කටයුතු කරන අතර, කොරෝන වෛරස් තර්ජනය ඇති රටවල තවත් සිසු සිසුවියන්ට නැවත රට තුළට පැමිණීමට උපකාර කර ඇති බවත් ආර්යසිංහ මහතා පැවසීය.   

“අපගේ මුල් කැබිනට් පත්‍රිකාවේදී අපි අවධාරණය කළේ අපගේ විදේශීය සංක්‍රමණික සේවකයින් ඇතැම් රටවල දැඩි අර්බුදයකට ලක්ව ඇති කාණ්ඩයක් බවත් එබැවින් ඊට සමගාමීව   ශිෂ්‍යයන් කෙරෙහි අප විශේෂ අවධානයක් යොමුකර නැවත පැමිණීමට අවශ්‍ය පහසුකම් සැපයිය යුතු බවත්ය”. ඔහු පැවසුවේ මාලදිවයිනේ වෙසෙන 1,200 - 1,500 අතර ශ්‍රී ලාංකිකයන් ද කොරෝනා වෛරස් තර්ජනයට ලක්විය හැකි කණ්ඩායමක් බව වැඩිදුරටත් ඔහු පැවසිය.   

ශ්‍රී ලංකාවට නැවත ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම සඳහා අමාත්‍ය ගුණවර්ධන මහතා කුවේටයේ හා මැදපෙරදිග සිටින අදාළ අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා කරමින් සිටින අතර කොරෝනා වෛරසය ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බංග්ලාදේශය වැනි රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ හැකියාව ද සොයා බලමින් සිටී.   

“එහි දහසකට වැඩි පිරිසක් සිටින අතර, ඉන් 300 ක් පමණ කාන්තාවන් සහ ළමුන් වේ. මැදපෙරදිග හා වෙනත් රටවලින් අවදානමට ලක්විය හැකි සංක්‍රමණික සේවක කාණ්ඩයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම කෙරෙහි ද අපි අවධානය යොමු කරනවා”,ඔහු පැවසුවේය.