ඉන්දියාවෙන් හතරවන ඖෂධ තොගය පැමිණේ

මැයි 09, 2020

ඉන්දියාවේ සිට විශාල ප්‍රමාණයක  ඖෂධ සහ වෛද්‍ය භාණ්ඩ රැගත් විශේෂ ගුවන් යානයක් ඊයේ (8) මෙරටට පැමිණියේය.

දෙරට අතර විවිධ ක්ෂේත්‍රයන්හි පවතින  දිගුකාලීන සබඳතා, ළුලදායී හා පුළුල් සහයෝගිතාවය තවදුරටත් ශක්තිමත් කරමින් අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදිගේ COVID-19 ට එරෙහි සටනට සහයෝගය සහිතව ඉන්දීය රජය විසින් සිව්වන වරට අත්‍යවශ්‍ය  ඖෂධ තොගය මෙරටට ලබා  දී ඇත.

දකුණු ආසියාවේ සහ ඉන්දියන් සාගර කලාපයේ සමීපතම   අසල්වැසියන් දෙදෙනෙකු වන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ස්ථිර මිත්‍රත්වය  සහ සහයෝගීතාවයේ ඉතා වැදගත්කම මෙයින් ඉස්මතු වන  බව   ඉන්දීය තානාපති කාර්යාල ප්‍රකාශයෙකු වන  ගෝපාල් බග්ලේ ප්‍රකාශ කර තිබේ.