යුද හමුදාව කිලිනොච්චි ප්‍රදේශයේ සිවිල් වැසියන් අතර එළවළු බෙදා හරී

මැයි 11, 2020

යුද හමුදා සෙබළුන් කිලිනොච්චි හි පොන්නාගර්, විශ්වමඩු බටහිර සහ කල්ලාරු යන ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් අතර එළවළු කිලෝ ග්‍රෑම් 2,400 කට අධික ප්‍රමාණයක් පසුගිය බ්‍රහස්පතින්දා (මැයි 07) බෙදා හැර තිබේ.  

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති, මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්නගේ ඉල්ලීමකට අනුව දැනට එක්සත් ජනපදයේ පදිංචිව සිටින දානපතියෙකු වන සේනක සෙනෙවිරත්න විසින් මෙම වැඩසටහනට අනුග්‍රහය දැක්වීය.  

9 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් විසින් අවශ්‍යතා ඇති සිවිල් වැසියන් හට එළවළු බෙදා දුන්හ.