වක්වැල්ල පාලම අවට සිරවී තිබු සුන්බුන් නාවික හමුදාව ඉවත් කරයි

මැයි 19, 2020

මේ වන විට  ඇද හැලෙමින් පවතින  ධාරානිපාත වර්ෂාවන් හේතුවෙන් ඇතිවිය හැකි ගංවතුර තත්වය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව  විසින් ඊයේ (18) දින ගාල්ල ගිං ගගේ වක්වැල්ල පාලම යට සිරවී තිබු සුන්බුන් ඉවත් කර තිබේ.

සුන්බුන් පාලම යට සිරවී තිබීම නිසා සාමාන්‍ය පරිදි ජලය ගලා යාම අවහිර වී අවට පහත් ප්‍රදේශවලට ගංවතුර තර්ජනයක් ඇති විය හැකිව තිබුණි.

දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල්ගේ උපදෙස් මත දකුණු නාවික විධානයේ භට පිරිස් යොදවා අවහිර වූ ප්‍රදේශය නාවික හමුදාව විසින් පිරිසිදු කර තිබේ.