මාර්තු මස සිට මේ දක්වා ඇදිරිනීතිය කඩකල 60000 ක් අත්අඩංගුවට

මැයි 20, 2020

අද (මැයි 20) දින උදෑසන 6.00 ට අවසන් වූ පැය 12 ක කාලය තුළ අත්අඩංගුවට ගත් පුද්ගලයින් 660 දෙනෙකුද සමග මාර්තු 20 දින සිට මේ දක්වා ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 60,000 ඉක්මවා ඇත.

මේ වන විට පුද්ගලයින් 60,425 ක් සහ වාහන 16,924 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් ඇඳිරි නීතිය උල්ලංඝනය කල පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.