කුවේටයේ සිට ශ්‍රී ලාංකිකයන් කණ්ඩායම් දෙකක් කටුනායක ගුවන් තොටුපලට පැමිණේ

මැයි 20, 2020

ශ්‍රී ලාංකිකයින් 179 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් KU 1453 ගුවන් යානය  කුවේට් සිට අද (මැයි 20) දින අලුයම 1.00 ට පමණ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි බව ගුවන් තොටුපල රාජකාරි කළමනාකරු චමින්ද ජයසුන්දර පැවසීය.

defence.lk වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ, ශ්‍රී ලංකන් KU 1451 ගුවන් යානයෙන් ඊයේ (19) දින  සවස කුවේටයේ සිට ශ්‍රී ලාංකිකයන් 287 දෙනෙකුගෙන් යුත් පළමු  කණ්ඩායම දිවයිනට පැමිණි බවයි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට  පැමිණි සියලු දෙනා දින 14 ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදාව  විසින් විෂබීජහරණය කළ බව ජයසුන්දර තහවුරු කළේය.