වල්ලිපුරම් පොලිස් මාර්ග බාධකය අසල සුළු පිපිරීමක්

මැයි 27, 2020
  • නීතිවිරෝධී වැලි ප්‍රවාහනය වැළැක්වීම සඳහා මාර්ග බාධකයක් යොදා ඇත

අද උදෑසන 7.15 ට පමණ යාපනය, වල්ලිපුරම් පොලිස් මාර්ග බාධකය අසල සුළු පිපිරීමක් සිදුව තිබේ.

උප පොලිස් පරීක්ෂකවරයකුට  සහ කොස්තාපල්වරයෙකුට මෙහිදී සුළු තුවාල සිදුව ඇත.

සිදුවීම සම්බන්ධව පරීක්ෂණ පවත්වන පේදුරුතුඩුව පොලිසිය පැවසුවේ පොලිස් නිලධාරීන් දෙදෙනා මාර්ග බාධකය වෙත යමින් සිටියදී වෙඩි බෙහෙත් පුරවා තිබු බියර් ටින් එකක් පුපුරා ගොස් මෙම අනතුර සිදුව ඇති  බවයි.

ප්‍රදේශයේ සිදුවන නීතිවිරෝධී වැලි ප්‍රවාහනය වැළැක්වීම සඳහා මෙම පොලිස් මාර්ග බාධකය පිහිටුවන ලදී.

තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා මන්තිකායි මූලික රෝහල වෙතින් ප්‍රතිකාර ලබා ඇත.

මෙම සිදුවීම පිළිබඳව වැඩිදුර පරීක්ෂණ  කටයුතු පේදුරුතුඩුව පොලිසිය විසින් සිදුකරනු ලබයි.