ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පත් පුද්ගලයින් ගණන 64,341 දක්වා ඉහළ යයි

මැයි 27, 2020

මාර්තු 20 වනදා සිට ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 66,341 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 18,695 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් අධිකාරී  ජාලිය සේනාරත්න   මීට සුළු මොහොතකට  පෙර defence.lk වෙත පැවසීය.

අද (මැයි 27) දින අලුයම 4.00 ට අවසන් වූ  පැය කිහිපය   තුළ පුද්ගලයින් 411 දෙනෙකු සහ වාහන 81 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් අධිකාරී සේනාරත්න  පැවසීය.

මේ අතර ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට ගොනු කර ඇති නඩු සංඛ්‍යාව  21,225  කි.