ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල නවතම ඇඳිරි නීති නිවේදනය

මැයි 28, 2020

ජනාධිපති මාධ්‍ය අංශය අද (28) දින නිකුත් කල නවතම ඇඳිරි නීතිය පිළිබද නිවේදනය අනුව මැයි 31 ඉරිදා සහ  ජුනි 4 සහ 5 යන දෙදින තුලද දිනවල දිවයින පුරා ඇඳිරි නීතිය  පැනවීමට නියමිතය.

ජුනි 1 සඳුදා සිට ජුනි 3 බදාදා දින දක්වා සහ ඉන් පසුව ජුනි 6 වන දින සිට පෙර පැවති පරිදි ඇඳිරි නීතිය රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඇඳිරි නීතිය ලිහිල් කරන දිනවලදී කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමන් කිරීමට අවසර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.