නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ තවත් පුද්ගලයින් 223 දෙනෙකු සිය නිවෙස් බලා පිටත්ව යයි

මැයි 31, 2020

නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයින් 223 දෙනෙකු අද (මැයි 31) දින සිය නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.  

එම පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන දියගම, පුනානි, කුණ්ඩසාලේ, සහ පල්ලෙකැලේ නිරෝධායන මධ්‍යස්ථානයන්හිදී නිරෝධායන ක්‍රියාවලියට ලක් වී ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.  

මේ අතර, ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හිදී  පුද්ගලයින් 11,252 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියට ලක් වී ඇත.  

මේ වන විට දිවයින පුරා ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 46 ක පුද්ගලයින් 5,318 දෙනෙකු නිරෝධායනයට ලක් වෙමින් සිටී.