කොරෝනා වෛරසය ආසාදිත නැවියන් 403 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යයි

ජුනි 01, 2020

කොරෝනා වෛරසය ආසාදිතව සිටි නැවියන් 403 දෙනෙකු සුවය ලබා සදුදා (ජුනි 01) දින රෝහල් වලින් පිටව ගොස් ඇත.

මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත නැවියන් 754 දෙනෙකු හදුනාගෙන ඇත.

මේ අතර, පසුගිය පැය 24 තුළ කොරෝනා වෛරසය ආසාදිත නැවියන් 04 දෙනෙකු වාර්තා වී ඇත.

ආසාදිත නැවියන් 348 දෙනෙකු තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබා ගනිමින් සිටී.