අබාධ සහිත තරුණයෙකුට පහරදීම සම්බන්ධයෙන් පොලිසිය සහ ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය පරීක්‍ෂණ පවත්වයි

ජුනි 05, 2020

පසුගියදා අළුත්ගම දී ඔටිසම් තරුණයෙකුට පහරදීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.   

මෙම සිදුවීම සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශන දෙකක් සිදු කෙරෙමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න defence.lk වෙත පැවසීය.  

“ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන අතර මෙම පහරදීම සම්බන්ධයෙන් කළුතර පොලිසිය විසින්ද වෙනම පරීක්‍ෂණයක් පවත්වමින් සිටිනවා” ඔහු පැවසීය.   

මැයි 25 වන දින 16 හැවිරිදි තරීක් අහමඩ්ට සිදුවූ පහර දීම සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වීමත් සමඟ සිදුවීම පිළිබඳව මහජන කෝපය හා සමාජයීය හෙළා දැකීම සිදුවිය.   

පරීක්‍ෂණ කටයුතු අවසන් වීමෙන් පසු අපරාධකරුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව පොලිස් අධිකාරී සේනාරත්න පැවසීය