කොරෝනා වෛරසය ආසාදිතව සිටි නාවික හමුදා සාමාජිකයින් 420 දෙනෙකු සුවය ලබයි

ජුනි 05, 2020

කොරෝනා වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව සිකුරාදා දින වන විට 420 දක්වා ඉහල ගොස් ඇත,

මේ අතර, කොරෝනා වෛරසය ආසාදිත බවට හදුනාගෙන ඇති තවත් නැවියන් 416 දෙනෙකු මේ වන විට රෝහල්හිදී ප්‍රථිකාර ලබන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.