පොලිසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකදී සොයිසාපුර වෙඩිතැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මිය යයි

ජුනි 07, 2020

මොරටුව සොයිසාපුර අවන්හලකට මැයි 28 වන දින සිදු කල වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලීසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවක් අතරතුර අද (ජූනි 7) දින උදෑසන මිය ගොස් ඇත.

මිනුවන්ගොඩ බල්ලපාන  දුනගහ ප්‍රදේශයේ සැඟවී සිට සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය උත්සාහ කළ අවස්ථාවේදී සැකකරු පොලිසියට වෙඩි තබා ඇති බව පොලිසිය  පවසයි.

තුවාල ලබා සිටි වයස අවුරුදු 50 ක් වන මෙම සැකකරු දිවුලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මෙම මියගිය සැකකරු පාතාලයට සම්බන්ධ අයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර මිනීමැරුම් ඇතුළු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය ව තිබු පුද්ගලයෙකු වේ.

මෙම වැටලීම සිදුකළ පෑලියගොඩ සහ කැලණිය  පොලිස් අපරාධ කොට්ඨාස මේ පිළිබද  වැඩිදුර විමර්ෂණ සිදුකරනු ලබයි.