එක්සත් රාජධානියේ සිටි ශ්‍රී ලාංකිකයින් 278 දෙනෙකු දිවයිනට පැමිණෙයි

ජුනි 07, 2020

එක්සත් රාජධානියේ අතරමංව සිටි ශ්‍රී ලාංකිකයින් 278 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද උදෑසන (ජුනි 07) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණ ඇත.

මේ අතර ඉන්දියාවේ, මුම්බායි හි සිට ශ්‍රී ලාංකිකයින් 86 දෙනෙකු සෙනසුරාදා (ජුනි 06) දින රාත්‍රීයේ පැමිණි බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කල මාධ්‍ය නිවේදනයක සදහන් කර ඇත.