ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලදී පුද්ගලයින් 12,090 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇත.

ජුනි 07, 2020

මේ වන විට ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලදී නිරෝධායන ක්‍රියාවලිය අවසන් කල පුද්ගලයින් 12,090 දෙනෙකු සිය නිවෙස් බලා පිටත්ව ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි.

මේ අතර, වාද්දුව බ්ලු වෝටර් හෝටලයේදී නිරෝධායන ක්‍රියාවලිය අවසන් කල තවත් පුද්ගලයින් 117 දෙනෙකු අද (ජුනි 7) දින සිය නිවෙස් බලා පිටත්ව ගොස් ඇත.

දිවයින පුරා ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 43 ක පුද්ගලයින් 5,135  දෙනෙකු තවදුරටත් නිරෝධායන ක්‍රියාවලියට ලක් වෙමින් සිටී.