කොරෝනා ආසාදිතයින් 13 දෙනා අතර නාවිකයින් 9 දෙනෙක්

ජුනි 07, 2020

ඊයේ (ජුනි 6) දින වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 13 දෙනා අතර ශ්‍රී ලංකා නාවික හමුදා නාවිකයින් 9 දෙනෙකු වන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන පරිදි අනෙක් රෝගීන් සිව් දෙනාගෙන් තිදෙනෙකු රුසියාවේ සිටිද සහ අනෙක් පුද්ගලයා කුවේට්හි සිට ද පැමිණ තිබේ.

මේ අතර, සුවය ලැබූ නාවිකයින් 33 දෙනෙකු සෙනසුරාදා දින රෝහල් වලින් පිටව ගොස් ඇති අතර සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති මුළු නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 472 කි.

මේ වන විට, රෝහල්හි ප්‍රතිකාර ලබන තවත් නාවිකයින් 375 දෙනෙකුද ඇතුළුව මුළු කොරෝනා වෛරසය ආසාදිත නාවිකයින් සංඛ්‍යාව 847 කි.