නාවික හමුදාව විශ්වමඩු ප්‍රදේශයේදී ටීඑන්ටී වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 40 ක් සොයා ගනී.

ජුනි 07, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව සෙනසුරාදා (ජුනි 6) දින  විශ්වමඩු, උදයාර්කට්ටු ප්‍රදේශයේදී ටීඑන්ටී වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 40 ක් සොයාගෙන ඇත.

මෙම පුපුරණ ද්‍රව්‍ය උදයාර්කට්ටු ප්‍රදේශයේ වනලැහැබක් තුල බැරලයක බහා තිබියදී සොයා ගෙන තිබේ.

නාවික හමුදාව පවසන පරිදි , මානුෂිය මෙහෙයුම් පැවැති කාලයේදී  එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් මෙම  පුපුරණ ද්‍රව්‍ය අතහැර දමා ගොස් ඇත.

මෙම සොයාගත් පුපුරණ ද්‍රව්‍ය නාවික හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය මගින් නිෂ්ක්‍රීය කරනු ලබන බව නාවික හමුදාව පැවසීය.