මුහුදු යන ධීවරයින්ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇගවීම්

ජුනි 09, 2020

බලපිටියේ සිට කොළඹ සහ කන්කසතුරෙයි හරහා ත්‍රිකුණාමලය දක්වාද, මාතර සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වාද, ගැඹුරු හා නොගැඹුරු මුහුද වරින් වර රළු විය හැකි බැවින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික හා ධීවර ප්‍රජාවන්ගෙන් විමසිලිමත් වන ලෙස ඉල්ලා සිටී.

පැයට කිලෝමීටර 70-80 අතර වේගයෙන් වරින් වර තද සුළං අපේක්‍ෂා කළ හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට මුහුද වරින් වර රළු විය හැක.

සමුද්‍රීය කාලගුණ අනාවැකි මගින් දකුණු මුහුද දිගේ පුත්තලම් සිට හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශ කිහිපයක ඇතිවිය හැකි වර්ෂාපතනය සහ ගිගුරුම් සහිත වැසි පිළිබඳව අනතුරු අඟවයි.