ජාතික රෝහල් මුදල් මංකොල්ලකරු අත්අඩංගුවට

ජුනි 10, 2020

කොළඹ ජාතික රෝහලේ මුදල් මංකොල්ලයේ සැකකරු ඊයේ (9) දින සිදුවීමෙන් පසු බොරැල්ල  ප්‍රදේශයේදී  කුලී රථයකින් පලා යමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

කොටා පාරේ තාවකාලිකව පදිංචිව සිටින 33 හැවිරිදි හොරන පදිංචිකරුවෙකු වන සැකකරු දිවා කාලයේ මෙම සොරකමට සම්බන්ධ වන  විට ජාතික රෝහලට අනුබද්ධව පශ්චාත් විශේෂ උපාධිය සදහා අධ්‍යන කටයුතු වල දී සිටින වෛද්‍යවරයකු ලෙස හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  පොලිස් අධිකාරී ජාලිය සේනරත්න පැවසීය.

නිල කටයුත්තක්  සඳහා රෝහලට පැමිණි ප්‍රධාන පොලිස් පරීක්ෂක  වරුණි බොගහවත්තගේ සහාය ඇතිව සිද්ධිය වූ ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු සැකකරු පසුපස හඹා ගොස් ඔහුව අත්අඩංගුවට ගත් බව ඔහු පැවසීය.

රුපියල් මිලියන 7.9 ක් වටිනා මුදල්, සැකකරු විසින් ඊයේ (9) දින සොරාගෙන ඇත.

මරදාන පොලිසිය මේ වන විට වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.