සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධිය සඳහා භාවිතා කළ වාහනය තවත් සැකකරුවෙකු සමඟ අත්අඩංගුවට ගෙන තිබේ

ජුනි 10, 2020

මොරටුව සොයිසාපුර වෙඩි තැබීම සඳහා භාවිතා කළ වාහනය සමඟ තවත් සැකකරුවෙකු ඊයේ (ජූනි 9) දින  සවස පිලියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

50 හැවිරිදි සැකකරු බස්නාහිර පළාත් බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගත් අතර ඔහු පිලියන්දල පදිංචිකරුවෙකු වේ.

ගල්කිස්ස පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.