නිරෝධායන ක්‍රියාවලිය අවසන් කල පුද්ගලයින් සංඛ්‍යාව 12,533 දක්වා ඉහලට

ජුනි 11, 2020

ත්‍රිවිධ හමුදාව මගින්  පවත්වාගෙන යන  නිරෝධායන මධ්‍යස්ථානවලින් පුද්ගලයින් 12,533  දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සම්පූර්ණ කර ඇති බව COVID-19 පැතිරීම  වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත  මධ්‍යස්ථානය පවසයි.

මේ අතර නිරෝධායන මධ්‍යස්ථාන 43 ක පුද්ගලයින් 5,060 ක් තවමත් නිරෝධායනය වෙමින් සිටින බව COVID-19 පැතිරීම  වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත  මධ්‍යස්ථානය සදහන් කරයි.