ත්‍රිකුණාමලය,කින්නියා ප්‍රදේශයේදී ඩයිනමයිට් පුපුරා යාමෙන් දෙදෙනෙකු මියයයි

ජුනි 11, 2020

කින්නියා පෙරියාතමුන ප්‍රදේශයේ  අඟහරුවාදා (ජූනි 9) දින ඇතිවූ හදිසි ඩයිනමයිට් පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත.

කින්නියා පොලීසිය පවසන ආකාරයට අනුව නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා ඩයිනමයිට් යොදා පුපුරණ ද්‍රව්‍ය පිළියෙළ කරමින් සිටි අවස්ථාවේදී අඟහරුවාදා දහවල් 12.55 ට පමණ මෙම සිදුවීම සිදුවී තිබේ.
 
ඔවුන් කින්නියා, කුට්ටිකරච්චි ප්‍රදේශයේ පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.