පුද්ගලයන් 78 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව යයි

ජුනි 11, 2020

තවත් පුද්ගලයින් 78 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බදාදා (ජුනි 10) දින  ත්‍රිවිධ හමුදාව මගින් කළමනාකරණයවන  නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටව ගොස් ඇත.

සුවය ලැබූ අය දියතලාව , බූස්ස  සහ කන්තලේ  යන නිරෝධායන මධ්‍යස්ථානවල සති දෙකක නිරෝධායන කාලයක්  සම්පූර්ණ කර ඇති බව වාර්තා වේ.

පිටත්ව යාමට පෙර, ඔවුන් අවසාන වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කරන ලද අතර පසුව නිරෝධායන සහතික ප්‍රදානය කරන ලදී.