ශ්‍රී ලාංකිකයින් 223ක් පිලිපීනයෙන් මෙරටට

ජුනි 12, 2020

ළදරුවෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයින් 223කගෙන්  යුත් කණ්ඩායමක් ඊයේ (ජූනි 11) දින සවස පිලිපීනයේ මැනිලා සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණියහ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ  UL 1423 යානයෙන් ඔවුන් රැගෙන එනු ලැබීය..

පැමිණි පිරිස වෛද්‍ය පරීක්ෂණවලට භාජනය කර නිරෝධායනය  සඳහා යොමු කළ බව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රාජකාරි කළමනාකරු විදුර පෙරේරා defence.lk වෙත පැවසීය.